විද්‍යා ප්‍රදර්ශණය – 2024

BLOG

,

Science

විද්‍යාර්ථ විද්‍යාලයීය විද්‍යා සංගමය විසින් සංවිධාන කළ විද්‍යා ප්‍රදර්ශනය පසුගිය දා අතිසාර්ථක ව විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයයන් තුන පාදක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබිණ. මීට අමතර ව තොරතුරු තාක්ෂණය සහ කෘෂි විද්‍යාවට අදාළ විද්‍යා භාණ්ඩාදිය ද මෙහි ප්‍රදර්ශනය කෙරුණි.

විද්‍යා විෂය ක්ෂේත්‍රයට අදාළ ව පාසැල් සිසු ප්‍රජාවට මෙන් ම බාහිර ප්‍රජාවට ද අතිශය වැදගත් දැනුම් සම්භාරයක් තිළිණ කරමින් ක්‍රියාත්මක වූ ප්‍රදර්ශනය නැරැඹීම සඳහා විද්‍යාර්ථ විද්‍යාලයේ සිසුන් මෙන් ම මහනුවර සෙසු සහෝදර පාසැල්වල සිසු සිසුවියන් සහ ගුරු මවුපියවරුන් විශාල සංඛ්‍යාවක් ද සහභාගි වනු දැකිය හැකි විය.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *