නව වූෂූ විනිසුරු සහ තරග තීරකවරයෙකු විද්‍යාර්ථයෙන්

BLOG

,

Wushu

වත්මන් සමාජයේ පාසල් පද්ධතිය තුල කලාවන්ට වැඩි ඉඩ හසරක් හිමි වන අතර ආත්මාරක්ෂක සටන් කලාවට ද එවැනි ම වූ සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන විද්‍යාර්ථීය සටන් කලාකරුවන්ද විද්‍යාර්ථ මාතාවගේ නාමය සමස්ත දිවයින පුරා මෙන්ම ලෝකය පුරාම ව්‍යාප්ත කරවීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ වුෂු සංධා අංශයේ අභිනව ජාතික වුෂු විනිසුරු සහ තරග තීරකවරයෙකු ලෙස පත් වීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය විශ්මිත අගලකොටුව සමත්ව ඇත.
පසුගියදා මහරගමදී පැවැති සම්මේලනයේදී ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ ගරු ලේකම් විජිත එදීරිසිංහ මහතා විසින් නිල වශයෙන් එම තනතුර ලබා දුන් අතර වුෂු සංධා අංශයේ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලබා ගැනීමටද ඔහු සමත් වීම සුවිශේෂි වෙයි.
ඔහුට අපගේ උණුසුම් සුභාශිංසන

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *