ශාන්ත පීතරයින් හමුවේ විද්‍යාර්ථයින් නිහඩ වෙයි.

BLOG

,

RUGBY

    ඩයලොග් පාසල් රග්බි ශූරතාවලිය, 2024, පළමු කාණ්ඩයේ අටවන තරගය මහනුවර විද්‍යාර්ථ සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාල ද්විත්වය අතර පසුගිය 04 වන ඉරිදා දින පැවැත්විය.      

  නිත්තවෙල ක්‍රීඩාංගනයේදී දිගහැරුණු විද්‍යාර්ථ  පීතර සටන ආරම්භයේ සිටම ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයින් තමා පාලනයට නතු කර ගැනීමට සමත් වූ ශාන්ත පීතර ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 3-21 ලෙස ප්‍රමුඛත්වය ගෙන සිටියහ.

තරගයේ දෙවන අර්ධයේ පාලනයද පෙර ලෙසම තමා යටතට ගත් ශාන්ත පිතරයින් එයා නිමකලේ
තවත් ලකුණු 21 ක්‌ ලකුණු පුවරුවට එක් කරමිනි. ඒ අනුව තරගය අවසන් වන විට ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 03-42 ක්‌ ලෙස කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ජයග්‍රහණය හිමිකර දෙමිනුයි.

පීතරවරුන් හමුවේ ලද අමිහිරි පරාජයත් සමගින් 2024 ඩයලොග් පාසල් රග්බි ශුරතාවලියෙන් ඉවත් වීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට සිදුවූ අතර තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට තිබූ හැකියාව ඉහල නංවා ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට අවස්ථාව උදා විය.

The eighth match of the Dialog Schools Rugby Championship, 2024, first group was held last Sunday 04th between Kandy Vidyartha and Colombo St. Peter’s College.

Petarians took control of the second half of the match as before and finished off Saint Pitarain Adding another 21 points to the scoreboard. Accordingly, at the end of the match, the scoreboard appeared as 03-42, giving the victory to St. Peter’s College, Colombo.

Vidyartha College had to withdraw from the 2024 Dialog Schools Rugby Championship with the bitter defeat to the Peters and St. Peter’s College Colombo had the opportunity to improve their ability to qualify for the semi-final preliminary round of the tournament.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *