විද්‍යාර්ථීය විද්‍යා දිනය නිමා වෙයි.

BLOG

,

Science

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය විද්‍යා සංසදය විසින් සංවිධාන කළ Exor’24 වාර්ෂික විද්‍යා දිනය, පසුගිය ජූනි 28 වෙනිදා දිවයින පුරා පාසැල් රැසක සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය කපුල විජයවර්ධන මහතා සහභාගි විය. විද්‍යා දිනයට සමගාමී ව සංවිධාන කළ Sapientia’24 සමස්ත ලංකා අන්තර්පාසැල් විද්‍යා දැනුම මිනුම තරගාවලියේ ශූරතාව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය දිනාගත් අතර ගවේෂණ තරගයේ ශූරතාව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයත්, වීඩියෝ නිර්මාණකරන තරගාවලියේ ශූරතාව නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයත්, ග්‍රැෆික් නිර්මාණකරන තරගයේ ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලයත් හිමි කරගන්නා ලදී.

විද්‍යාර්ථ විද්‍යාලයීය විද්‍යා දිනයේ දී සුවිශේෂ සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු වූ අතර, විද්‍යාලයීය විද්‍යා අංශයේ හිටපු අංශ ප්‍රධානී සේපාලි විදානගේ ගුරුමෑණියන්, හේමා කුමාරි සෙනෙවිරත්න සහ චන්දන විජේරත්න යන හිටපු ගුරු මවුපියවරුන් මෙන් ම විද්‍යාලයීය නාට්‍ය හා රංගකලා සංසදය භාර ආචාර්‍ය සමන් ලියනාරච්චි ගුරුපියාණන් ද මෙහි දී සමරු ත්‍යාගවලට පාත්‍ර වන ලදී.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *