ඩයලොග් රග්බි 2024 ලීගයේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහභාගි වූ තවත් තරගයක් පසුගියදා බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර පැවති එම තරග ආරම්භයේ සිටම දක්ෂ ලෙස තරග වැදි විද්‍යාර්ථයන් පලමු අර්ධය අවසානයේ දී ලකුණු 19-08 ලෙස පෙරමුණ ලබා ගැනීමට සමත් විය.
දෙවන අර්ධය තුලදී තම සුපුරුදු තරග විලාසයෙන් ලකුණු පුවරුව ඉහල දැමීමට කටයුතු කල විද්‍යාර්ථීන් දෙවන අර්ධය අවසාන මොහොතේ දී තරගය අවසන් කරනුයේ ලකුණු 50-13 ලෙස කිංස්වුඩ් විද්‍යාලයට දරුණු පරාජයක් උරුම කරමින් ය.