ඩයලොග් රග්බි ලීගයේ 6 වන සතියේ විද්‍යාර්ථ විද්‍යාලය සහභාගි වූ තරගය ඊයේ ( 21 ) වනදා නිත්තවෙල ක්‍රිඩාංගනයේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පැවැත්විණි.
ඉතාමත් තියුණු ලෙස ක්‍රියාත්මක වූ පලමු අර්ධය දෙපිලටම ජය මාවත වෙත ලගා වීම සදහා විවෘතව පැවති අතර පලමු අර්ධය අවසානයේදී විද්‍යාර්ථ 21 – 20 ලෙස පෙරමුණ ලබා ගැනීමට සමත් විය.
තම සුපුරුදු ප්‍රවේගකාරි තරග රටාවට පිවිසි විද්‍යාර්ථීන් දෙවන අර්ධය තුලදි තර්ස්ටන්වරුට කිසිදු ලකුණක් වාර්තා කිරීමට අවස්ථාව ලබා නොදුන් අතර සමස්ත දෙවන අර්ධය අවසානය පුරාම විද්‍යාර්ථීය ලකුණු සටහන පමණක් ඉහළ යමින් අවසානයේදී විද්‍යාර්ථීන් තර්ස්ටන් වරුන්ට එරෙහිව ලකුණු 52 – 20ක ඉතා විශිෂ්ට ජයක් ලබා ගැනීමට හැකිවිය.