මහනුවර මහමායා බාලිකා විද්‍යාලීය මාධ්‍ය සංසදය විසින් සංවිධානය කරනු ලැබු සංහිද 2023 මාධ්‍ය දින තරගාවලියට සමගාමී සියත් දිසි සංහිද 23 මාධ්‍ය දිනය පසුගිය දා එම විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි.එහිදි පැවති ජේෂ්ඨ නිවේදකයින් සදහා වන සෝමා පූජිත ගුණවර්ධන අනුස්මරණ ශූරතා තරග අංශයේ අවසන් සුපිරි 5 දෙනාගේ වටයද පැවති අතර එහිදි මෙවරත් සුදක්ෂ නිවේදකයින් දෙදෙනා අතරට පත් වීමට අප විද්‍යාලීය මාධ්‍ය සංසදයේ ගගන අභිෂේක් යටිවාවල සොයුරාට හැකිවිය.
ආනන්දයේ රමික රිසිවර සමග අතරේ පැවති අවසන් මහා තරගයේ ඉතා උණුසුම් තියුණු තරග වටයකින් අනතුරුව සමස්ත සෝමා පූජිත ගුණවර්ධන අනුස්මරණ අනුශූරතාව දිනා ගැනීම ගගන අභිෂේක් සොයුරා සමත් විය. පසුගිය වසරේ දී අප විද්‍යාලයේම මෙනුර භාෂිත සොයුරා දිනූ සෝමා පූජිත අනුශූරතාවය මෙවර අප විද්‍යාලයේම ගගන අභිෂේක් විසින් දිනා ගැනීම සුවිශේෂි වෙයි.