කලාකාමී විද්‍යාර්ථයින්ගේ වර්ණවත් සිතුවම් දැක්ම 2024, විද්‍යාර්ථ විද්‍යාලීය චිත්‍ර අංශයේ සිසුන්ගේ කලාත්මක දස්කම් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් විද්‍යාලයීය චිත්‍ර අංශය භාර ගුරුභවතුන්ගේ මූලිකත්වයෙන් දියත් කෙරුණු " සිත්නෙත් රූ 2024 " විද්‍යාලයීය චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය ( අගෝස්තු ) දහසය වැනිදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
විද්‍යාලයීය ගරු විදුහල්පති ලුතිනල් කර්නල් එම්. ආර්. පී. මායාදුන්නේ ගුරු පියාණන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙවර චිත්‍ර ප්‍රදර්ශනය, විද්‍යාලයීය චිත්‍ර අංශය හා ඒකාබද්ධ සිසුන් පනහකට අධික ප්රමාණයකගේ සියයකට අධික සිතුවම් සංඛ්යාවකින්වර්ණවත්විය.