විද්‍යාර්ථ විද්‍යාලීය වාණිජ අංශය විසින් සංවිධානය කල, Exitatio 25′ වාණිජ දිනය පසුගිය 29 වනදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ඒ විද්‍යාලීය වාණිජ අංශයේ ගුරුභවතුන් , ශිෂ්‍යයන් සහ දෙමාපියන් ගේ නොමසුරු දායකත්වය යටතේය. විද්‍යාලීය සෞන්දර්ය අංශය විසින් ඉදිරිපත් කල විචිත්‍රවත් කලා අංග රැසකින්ද සමන්විත වූ මෙවර වාණිජ දිනයට මහනුවර දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක රැසක් නියෝජනය කරමින් ආරාධිත පාසල් රැසක් සහභාගී විය.
මෙහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඩේවිඩ් පීරිස් සමාගමේ මානව සම්පත් අංශයේ ප්‍රධානී, ඩේවිඩ් පීරිස් පුනර්ජනනීය බලශක්ති සමාගමේ විධායක අධ්‍යක්ෂ, කීර්තිමත් විද්‍යාර්ථ ආදි ශිෂ්‍ය විජිත මැදගෙදර මහතා සහභාගී වූ අතර විශේෂ ආරාධිතයානන් වශයෙන්, හේලීස් සමාගමේ මූල්‍ය පරිපාලක විද්‍යාර්ථ විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍ය දිනේශ් අමරසූරිය මහතා උලෙළට එක් විය. Exitatio 25′ වාණිජ දිනය අවසානයේ එහි සමස්ත ශූරතාවය මහනුවර මහමායා බාලිකා විද්‍යාලය විසින් ජයග්‍රහණය කරනු ලැබීය.