සම්භාව්‍ය මාධ්‍ය පරිශීලනයක සවිඥානික ආමන්ත්‍රණයක් උදෙසා දේශයේ සුවහසක් මාධ්‍යාංකුරධාරීන් පුබුදු ගන්වාලනු වස් විද්‍යාර්ථ මාධ්‍ය සංසදය විසින් සංවිධානය කළ ” කරළියේ පෙරළිය 2024 ” මාධ්‍ය දිනය පසුගිය ඉරුදින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථක ව පැවැත්විණි.

පාසැල් මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට MCR සංකල්පය යථාරූඪ කරමින් දිගහැරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එක ම මාධ්‍ය සංසද දිනය වුණු කරළියේ පෙරළිය සඳහා
ප්‍රධාන සම්භාව්‍ය ආරාධිතයාණන් වශයෙන් ආචාර්‍ය බන්දුල පී.දයාරත්න ශූරීන් සහභාගි වුණු අතර මෙම මාධ්‍ය දින උලෙළ සඳහා දිවයින පුරා පළාත් හා දිසානායක රැසක් නියෝජනය කරමින් පාසැල් මාධ්‍ය සංසද රාශියක සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් එක් ව සිටීම සුවිශේෂ විය.

විඥානයේ මාසව්චිත්ත ස්වප්න යථාර්ථනය තේමා පාඨය කොට ගනිමින්
විද්‍යාර්ථ මාධ්‍ය සංසදය විසින් පසුගිය වසරේ දී පැවැත්වූ ” කරළියේ පෙරළිය ” සමස්ත ලංකා අන්තර්පාඨශාලයීය ද්විභාෂා මාධ්‍ය සංසද තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඇගැයීම මෙහි දී ප්‍රධාන වශයෙන් ම සිදු කෙරුණි. එමෙන් ම මෙහි දී විශිෂ්ටත ම මාධ්‍ය දක්ෂතා දක්වමින් සමස්ත ශූරතා කුසලානය හිමි කරගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් වූ අතර, ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය පාසැල් මාධ්‍ය ඉතිහාසයේ උසින් වැඩි ම දැවැන්ත ම සමස්ත ශූරතා කුසලානය ලෙස අඩි 6යි අඟල් 2ක් උස ” කරළියේ පෙරළිය ” සමස්ත ශූරතා කුසලානය ප්‍රදානය කිරීම ද විද්‍යාර්ථ මාධ්‍ය සංසදය විසින් සිදු කරනු ලැබී ය.

තරගාවලියේ සමස්ත අනුශූරතාව මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමි වූ අතර සමස්ත තුන්වන ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට හිමි විය. ශ්‍රී ලාංකේය පාසැල් මාධ්‍ය වංශයේ ජනප්‍රියත ම මාධ්‍ය සංසදය මතු නො ව, විශිෂ්ටත්වයේ අනභිභවනීය වූත් අසමසම වූත් සන්නාමය විද්‍යාර්ථ මාධ්‍ය සංසදය බව යළි යළිත් සපථ කළ කරළියේ පෙරළිය, නුවරට පෙරළියක් පමණක් ම නො ව දිවයිනේ ම පාසැල් මාධ්‍ය වංශයට ම පෙරළියක් බවට පෙරැළුණි.