කදුරට කුසලානය විද්‍යාර්ථයට..

BLOG

,

DEBATE

මහනුවර ආදි විවාදක සංගමය සහ සමාජ සුභසාධන හා පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව – මධ්‍යම පළාත විසින් එක්ව සංවිධානය කරනු ලැබූ 2025 කදුරට කුසලානය මධ්‍යම පළාත් අන්තර්පාඨශාලීය විවාද තරගාවලියේ මූලික වට පසුගිය මාර්තු මස 08 වනදා වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේදී පැවැත්විය.
තරගකාරි තරග වට ගණනාවකට අනතුරුව අවසන් මහා විවාද තරගය සදහා තේරී පත් වීමට,
. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
. මහනුවර උසස් බාලිකා විද්‍යාලය සමත් විය

කදුරට කුසලාන අවසන් මහා තරගාවලිය පසුගිය ( 03 ) වනදා පල්ලකැලෙ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අයුරින් පැවති අතර සත් පුද්ගල විනිසුරු මඩුල්ලකගේ සහභාගීතයෙන් පැවති අවසන් මහා විවාදය තරග් පත්‍රිකා 5-2 ලෙස ජයග්‍රහණය කිරිමට,
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය ජේෂ්ඨ සිංහල විවාද කණ්ඩායම සමත් විය. එහි අනුශූරතාවය දිනා ගැනීමට මහනුවර උසස් බාලිකා විද්‍යාලය සමත් විය.

එමෙන්ම එම තරගාවලියේ දක්ෂතම විවාදකයාට හිමි කුසලානය විද්‍යාර්ථ විද්‍යාලීය ජේෂ්ඨ සිංහල විවාද කණ්ඩායමේ,
කවිදු යසින්ත ෆොන්සේකා විසින් හිමි කර ගන්නා ලදී.

ඒ අනුව අඛණ්ඩව දෙවන වරටත් කදුරට කුසලාන දිනා ගැනීමටත් මධ්‍යම පළාත් ශූරයින් බවට පත් වීමටත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය විවාද කණ්ඩායම සමත් විය. ඔවුන්ට අපගේ උණුසම්සුභ පැතුම්!!!

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *