මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය කලා අංශය විසින් සංවිධානය කරනු ලැබු සියපතක උරුමය ” නිසල විල 24 ” කලා මෞලි මංගල්‍යය පසුගියදා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණ.
ජනශ්රැතිවේවී ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත මැතිතුමන්ගේ හා විද්‍යාලීය හිටපු විදුහල්පති රංජිත් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙවර කලා දිනය සදහා සමස්ත දිවයිනම ආවර්ණය වන පරිදි පාසල් රැසක් සහභාගී විය.
මෙහිදි කලා දිනයට සමගාමිව පැවැත්වූ අන්තර්පාඨශාලීය සහ අන්ත:පාසල් යන අංශය ද්විත්වයේන්ම පවත්වනු ලැබූ තරග වලින් ජයග්‍රහණය ලැබූවන් සදහා සහතික පත්‍ර පිරිනැමීම ද සිදු කරනු ලැබීය.
බටහිර තූර්ය වාදන කණ්ඩායම් සංදර්ශනයක් සහ සංගීතමය අංගයකින් ද ,උඩරට වෙස් නර්තනයකින්, නට්‍යමය අංගයකින් සහ ආරාධිත නර්තනයක් ඇතුළු විචිත්‍රවත් අංග රැසකින් මෙවර කලා දිනය වර්ණවත් වී තිබුණි.
මෙවර නිසල විලෙහි තම සියපතෙහි උරුමය දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සමත් වීම සුවිශේෂි වේ.