සත් වසකට පසු විද්‍යාර්ථයට මාධ්‍ය දින ශුරතාවයක්…

BLOG

,

SCHOOL

සත් වසරක අඛණ්ඩ විරාමයකින් අනතුරුව විඥාණයේ මාසව්චිත්ත සර්වසමාධිය ඔස්සේ ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය සංස්කෘතියට සද්මාධ්‍ය අංකුරධාරීන් තිළිණ කිරීමෙහි ලා අනගිභවනීය ක්‍රියාදමයක නියැලෙන විද්‍යාර්ථ මාධ්‍ය සංසදයට අන්තර් පාසල් මාධ්‍ය දින තරගාවලියක සමස්ත ශුරතාව හිමිකර ගැනීමට පසුගියදා අවස්ථාව උදාවිය.
ග්‍රීන්හිල් ජාත්‍යන්තර පාසල් මාධ්‍ය සංසදය විසින් සංවිධානය කල inforverse’24 අන්තර්පාඨශාලිය ත්‍රෛභාෂා මාධ්‍ය දින තරගාවලියේදී සිය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ජයග්‍රහණ හිමිකර ගැන්මට විද්‍යාර්ථ මාධ්‍ය සංසදයේ සොහොයුරන් රැසකට හැකි විය.

ඒ අනුව,
• සිංහල නිවේදන තරග අංශයේ ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩයේ ප්‍රථම ස්ථානයත්,
• අන්තර් මධ්‍යම වයස් කාණ්ඩයේ ප්‍රථම ස්ථානයත්
• සිංහල පුවත් සංස්කරණ අංශයේ අන්තර් මධ්‍යම වයස් කාණ්ඩයේ දෙවන ස්ථානයත්,
• ඉංග්‍රීසි මාධ්‍ය පුවත් සංස්කරණ අංශයේ, ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩයේ ප්‍රථම ස්ථානයත්
• අන්තර් මාධ්‍යම වයස් කාණ්ඩයේ දෙවන ස්ථානයත්
• සිංහල හඩ කැවීම් අංශයේ කනිෂ්ට වයස් කාණ්ඩයේ ප්‍රථම ස්ථානයද

විවෘත වයස් කාණ්ඩය යටතේ ක්‍රියාත්මක වූ,

• ජායාරූපකරණ අංශයේ ප්‍රථම සහ දෙවන ස්ථානයත්
• ග්‍රාෆික නිර්මාණකරන අංශයේ තෙවන ස්ථානයත්,

විද්‍යාර්ථීන් තමන් සතු කරගැනීමට සමත් වූ අතර තරගාවලිය තුල වැඩි අවධානයක් යොමු වූ කණ්ඩායම් ඉදිරිපත් කිරීමේ ද ශුරයන් බවට පත් වීමට විද්‍යාර්ථ මාධ්‍ය සංසදය සුදක්ෂ මාධ්‍යවේදීන් සමත් විය.

දිගු නිහැඩියාවක් නිම කරමින් අන්තර් පාඨශාලිය ත්‍රිභාෂා මාධ්‍ය දින ශුරාතාවයක් විද්‍යාර්ථ විද්‍යාලයට හිමිකර කරගැනීමට අප මාධ්‍ය සංසදය සමත්විය.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *