මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර 53 වන විලියම් ගොපල්ලව අනුස්මරණ අභියෝගතා කුසලානයේදී ඉතිහාසය යලිත් වරක් අලුත් කරමින් ශ්‍රී ලාංකීය පාසල් රග්බි වංශකතාව තුල ජයකෙහෙළි නැන්වීමට විද්‍යාර්ථ විද්‍යාලීය රග්බි කණ්ඩායම සමත්කම් දැක්වීය .
වසර 53ක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය පාසල් රග්බි වංශකතාව තුල සදා නොමැකෙන නාමයකට හිමිකම් කියූ විලියම් ගොපල්ලව අනුස්මරණ අභියෝගතා කුසලානයේදී කවදත් තමන්ගේ ප්‍රබල ප්‍රතිවාදීන් වූ කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව ප්‍රබල සටනක් දියත් කරමින් ජයග්‍රහණය තමා සතු කර ගැනීමට විද්‍යාර්ථ විද්‍යාලීය රග්බි කණ්ඩායමට හැකි විය.
තරගයේ පළමු අර්ධයේ පාලනය සම්පුර්ණයෙන්ම තමා යටතට පත්කරගත් විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩකයෝ එහිදී ලකුණු 34 රැස් කරගත්තේ ආනන්දයින්ගේ පළමු අර්ධය ලකුණු 03 කට පමණක් සීමා කරමිනි. ඉන් නොනැවතුනු විද්‍යාර්ථයින් තරගයේ දෙවන අර්ධයද ලකුණු 53 ට 11 ලෙස සටහන් කරමින් 53 වන විලියම් ගොපල්ලව අනුස්මරණ අභියෝගතා කුසලානය තමා සතු කරගත්තේ ශ්‍රී ලාංකීය පාසල් රග්බි වංශකතාව තුල යලිත් වරක් ජය කෙහෙළි නන්වමිනුයි.