අසූ දෙවසරක අභිමානය රැගත් කන්දඋඩරට බොදු තක්සලාවේ අභිමානය පෙරටු කොට ගනිමින්, විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩයේ තවත් එක් ත්‍රාසාජනක වැඩසටහනක් පරිද්දෙන් දිවයින පුරා සමස්ත පාසල් 42 ක බාලදක්ෂ කණ්ඩායම් 87 ක සහභාගීත්වයෙන් පැවති ” බලඝන නායක මනෝජ් වීරකොටුව අනුස්මරණ අභියෝගතා කුසලනය – 2024 ” , පසුගිය 09 වන සඳුදා දින අති සාර්ථක අන්දමින් නිමාව දුටුවේය.
කණ්ඩායම් 87 ක සමස්ත සාමාජිකයන් 602 කට අධික පිරිසකගේ සහභාගීතවයෙන් පැවති මෙවර අභියෝගතා කුසලානයේදී දිවයින පුරා විසිරුණු බාලක පාසල් රැසක බාලදක්ෂ කණ්ඩයන් අතර තම ස්ථානය තහවුරු කර ගත් මහනුවර කිංස්වුඩ් විද්‍යාලය ” බලඝන නායක මනෝජ් වීරකොටුව අනුස්මරණ අභියෝගතා කුසලානයේ” , බාලක අංශයේ ශුරතාවය ජයග්‍රහණය කරමින් ගෞරාවන්විත ලෙසින් මෙවර අභියෝගතා කුසලානය නිමාකිරීමට සමත් විය. මෙහිදී බාලක අංශයේ අනුශූරයන් ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයයි.
බාලිකා අංශයේ සමස්ථ ලංකා ශුරතාවය හිමිකර ගැනීමට රත්නාවලී බාලදක්ෂ බාලිකා හා බාලදක්ෂිකා කණ්ඩය සමත් වූ අතර එම අංශයේ අනුශූරතාවය ජයග්‍රහණය කිරීමට රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයට හැකියාව ලැබිණි.එසේම නිරීක්ෂණ අංශයේ ජයග්‍රහණ ද්විත්වය කොළඹ ආනන්ද සහ හොරණ තක්ෂිලා යන විද්‍යාල හිමි කර ගත්හ.