ශ්‍රී ලාංකීය පාසල් මාධ්‍ය වංශකතාව තුළ රනකුරින් ලියැවෙන විද්‍යාර්ථ විද්‍යාලීය මාධ්යභිගමනය ” කරලියේ පෙරලිය 2024 ” සමස්ත දිවයිනම ආවරණය වන පරිදි,මාධ්‍ය හස්තයෙන් දිවයිනක් ආවරණය කරන්නට පෙරුම් පුරන සද්මාධ්ය පාසල් අංකුරධාරීන් 1000 කට වැඩි සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් කරළියේ පෙරළිය 24 මාධ්‍ය සංසද තරගාවලිය අති සාර්ථකවත් ලෙස පසුගියදා පැවැත්විය.
විද්‍යාර්ථීය මාධ්‍ය සංසදය ලාංකික පාසල් මාධ්‍ය කලාවට තිළිණ කරනු ලැබු මෙවර තරගාවලිය සදහා දිවයින පුරා පාසල් මාධ්‍ය ඒකක රාශියක් සහභාගි වූ අතර ප්‍රවීණ විනිශ්චය මණ්ඩල සාමාජිකයන්ගෙ ප්‍රවීණ විනිශ්චයන් යටතේ නවතම වූ ආකෘතියකට මෙවර තරගාවලිය පැවැත්විණි.
විද්‍යාර්ථීය මාධ්‍ය සංසදය විසින් ලාංකීය පාසල් මාධ්‍ය කලාවට තිළිණ කරනු ලබන කරළියේ පෙරළිය 2024″ මාධ්‍ය දිනය සමග නුදුරේදීම ඔබට එක් විය හැක.